වායු ගෝලයේ පවතින විෂ ක්ෂුද්‍ර දූෂක අංශු හේතුවෙන් හෘද
රෝග, පිළිකා, ඇදුම, අංශභාග...
ඉවක් බවක් නොමැතිව වාහන ගෙන්වීම එයට එක හේතුවක්ලු...
ශ්‍රී ලංකාවට ඇද හැළුණු වැසි කිහිපයකට අම්ල වැසි වල පූර්ව තත්වයන් පෙන්නුම් කරන ලක්ෂණ දක්නට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශය සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට අම්ල වැසි වැටීමේ අවදානමක් මතුවිය හැකි බවත් පසුගිය කාලයේ දී ඉවක් බවක් නොමැතිව වාහන ගෙන්වීම එයට හේතුවක් වී ඇති බව පරීක්ෂණයෙන් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.
ලංකාවට ඉහලින් ඇති වායු ගෝලයේ පවතින විෂ ක්ෂුද්‍ර දූෂක අංශු හේතුවෙන් හෘද රෝග, පිළිකා, ඇදුම, අංශභාග රෝගය මෙන්ම බිලිඳු කළලවලට හානි වීම වැනි තත්වයන් ඇතිවිය හැකි යැයි ද එම පරීක්ෂණ වලින් සනාථ වී ඇති බවයි සඳහන් වෙන්නේ.





