ප්රශ්නය – ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශයේදී විදේශ ප්‍රතිපත්ති ගැන සඳහන් වුණේ නැහැ. ඒ ගැන විස්තර කරනවාද?
පිළිතුරු
– ඉන්දියාව හා ආසියානු කලාපයේ රටවල් සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන යනවා.
ඉන්දියාව අපගේ අසල්වැසියා නිසා හොඳ සබඳතාවක් පවත්වාගෙන යා යුතුයි. එමෙන්ම
චීනය අපට හොඳින් උදව් කරන රටක්. මානව හිමිකම්වලට ගරු කරන ජිනීවා සමුළුව
වැනි ජාත්‍යන්තර සමුළුවල ප්‍රතිපත්තිවලට ගරු කරන විදේශ ප්‍රතිපත්තියක්
පවත්වාගෙන යනවා.
ප්රශ්නය – ඔබට ඡන්දයකට ඉදිරිපත් වීමට ඉඩ නොදීම හා ඡන්ද දැමීමට ඉඩ නොදීම සිවිල් අයිතිවාසිකම් කඩ කිරීමක් නේද?
පිළිතුර
– මම කාට හරි බයයි නම් ඔහුව හිරේ යවලා පසුව ඔහුව හිරෙන් එළියට දානවා. එවිට
ඔහුට ඡන්දය දාන්න බැහැ. ඡන්දේ ඉල්ලන්න බැහැ. එය තමයි මටත් වුණේ. සමහරු
කිව්වා මම එල්ලනවා, හිරේම මැරිලා යනවා කියලා. නමුත් මම සිරෙන් නිදහස් වුණා.
ඒ වගේම මෙම ප්රශ්නෙනුත් ගොඩ ඒමට හැකියාවක් ලැබේවි.
ප්රශ්නය – මෙම තත්ත්වය යටතේ දේශපාලනය කරන්නේ කෙසේද?
පිළිතුර
– මට දේශපාලන පක්ෂයක් පිහිටුවන්න පුළුවන්. දේශපාලන නායකයෙක් වෙන්න
පුළුවන්. රැස්වීම් තියන්න පුළුවන්. රැස්වීම්වලට යන්න පුළුවන්. ඡන්දෙ දෙන්න
කියලා ජනතාවගෙන් ඉල්ලන්න පුළුවන්.
ප්රශ්නය – ජාත්‍යන්තරයෙන් විශාල බලපෑමක් එනවා උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරගන්න කියලා ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර
– යුද්ධය ඉවර වූ පසු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දොළොස් දාහක් පුනරුත්ථාපනය
කරනු ලැබුවා. නමුත් පුනරුත්ථාපන කටයුතුවලට අසු නොවී සාමාන්‍ය ජනතාව අතර
තවමත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 100-200ක් පමණ ඉන්න පුළුවන්.
ඒ නිසා එකවර
හමුදා කඳවුරු ඉවත් කර ගැනීම මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වයට රැකුලක්
විය හැකියි. එම නිසා සද්භාවයෙන් හමුදා කඳවුරු එහි තැබිය යුතුයි. ඒවා ඉවත්
කිරීම ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. නමුත් හමුදාව හැමදාම පරිපාලනයට සම්බන්ධ
නොකළ යුතුයි.මට
පිටත ඉඳන් කියන්න බැහැ, ඒ සඳහා ගතවන කාලය කොපමණ කියලා. නමුත් මම මාණ්ඩලික
ප්‍රධානීව සිටියදී සැලසුමක් ලබා දුන්නා 2010 වන විට ඒවා ක්‍රමානුකූලව ඉවත්
කිරීමට.
ප්රශ්නය – උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව ගැන ඔබට මොනවද ප්‍රකාශ කළ හැක්කේ?
පිළිතුරු
– මට එය කියවන්න ලැබුණේ නැහැ. මම දන්නා තරමින් කාරණා තුනක් තියෙනවා. මානව
හිමිකම් හා සංහිඳියාව ගැන සඳහන් වෙන කරුණුවලට මම එකඟ වෙනවා. එයට විසඳුම්
සෙවිය යුතුයි.
යුද
අපරාධ ගැන හොයන්න කියලා. මේ වාර්තාවෙන් කියලා තිබෙනවා. ඒ නිසයි ජාත්‍යන්තර
බලපෑම් ඇති වෙන්නේ. එවැනි දෝෂාරෝපණවලට පිළිතුරු දීලා හමුදාව හා රට රැක
ගැනීම වෙනුවෙන් මම පෙනී සිටිනවා. එතැනින් එහාට අහන්න එපා. එය රජයේ වගකීමක්.
ප්රශ්නය
– ඔබතුමා ජනාධිපතිවරණය කාලේදි ආධාර වශයෙන් මිලියන 1000ක් එකතු කරගත්ත
කියන කතාව ඇත්තද? ඒ සල්ලි දැන් තියෙන්නේ ටිරාන් අලස් මහතා ළඟ බව ප්‍රකාශ
වෙන කතා වල සත්‍යතාවයක් තියෙනවාද?
පිළිතුරු
– මට එහෙම එකතු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපට ආධාර ලැබුණා. නමුත් ඔය කියන
තරම් ලැබුණේ නැහැ. මිලියන 600ක් විතර නම් ලැබුණා. ඉන් සියයට 50ක් විතර
මාධ්‍යයට වියදම් වුණා. ඉතුරු වුණ දෙයක් නැහැ.ටිරාන් අලස් මහතාට ඒ සල්ලි හොරකම් කරන්න උවමනාවක් නැහැ. එතුමා ව්‍යාපාරිකයෙක් නිසා ඇති තරම් සල්ලි තියෙනවා.
ප්රශ්නය – ඔබතුමාට ලැබි තියෙන ආරක්ෂාව ප්‍රමාණවත්ද? ඔබතුමාට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙනවාද?
පිළිතුර
– තර්ජනයක් තියෙනවා. ගොඩබිම සටන මෙහෙයවපු හමුදාපති හැටියට අසමාන තර්ජනයක්
තියෙනවා. යුද්ධයට අදාළ අනිත් අයට හමුදා නිලධාරීන් 300ක් විතර ආරක්ෂාවට
ඉන්නවා. ඒ කාලේ මට හමුදා නිලධාරීන් 500ක් ආරක්ෂාවට දීලා තිබුණා. හමුදා
නිලධාරීන් නොදී පොලිස් නිලධාරීන් 15ක් පමණ දීමෙන් මට ආරක්ෂාවක් නැහැ කියලා
මේ රටේ පොඩි ළමයා පවා දන්නවා.
ප්රශ්නය – රජය කියනවා ඔබතුමා ආරක්ෂාවක් ඉල්ලුවේ නැහැ කියලා. ඔබතුමා එහෙම ඉල්ලීමක් කළාද?
පිළිතුර
– ටිරාන් අලස් මහතා ජනාධිපතිතුමා සමග සාකචිඡා කරනවා කිව්වම මම කිව්වා
හිරෙන් නිකම්ම එළියට දාලා වැඩක් නැහැ. හිරෙන් එළියට එනව නම් ආරක්ෂාව ඕනේ
දේශපාලනය කරන්න ඕනේ කියලා. ඒ ගැන කතා කරන්න කියලා. මේවා කොන්දේසි ලෙස නමෛයි
යෝජනා හැටියටයි ඉදිරිපත් වුණේ.
ප්රශ්නය – එහිදී සැඟවුණු කොන්දේසි මොනවත් ඉදිරිපත් වුණාද?
පිළිතුර – එහෙම මුකුත් නැහැ. කරුණු ඉදිරිපත් කිරීම පමණයි සිදු කළේ. ආණ්ඩුව පැත්තෙන් කිසිම කොන්දේසියක් ආවේ නැහැ.
ප්රශ්නය – සංවර්ධන කටයුතුවලට හමුදාව යොදා ගැනීම පිළිබඳව ඔබ මොකද හිතන්නේ.
පිළිතුර
– හිටපු හමුදාපති හැටියට මම හමුදාවට ගෞරවනීය තැනක් අරන් දුන්නා. දේශපාලන
ඇඟිලි ගැසීම්වලට ඉඩ දුන්නේ නැහැ. වෘත්තීමය නොවන දේවල් කරන්න ඉඩ දුන්නෙත්
නැහැ.
අද කොළඹ නගර
සභාවේ කුලී වැඩ කරන තත්ත්වයට පත්වෙලා. තත්ත්වය කනගාටුදායකයි. අද කාණුවක
බැහැලා. මඩ නාගෙන ඉඳලා හෙට යුනිෆෝම් එක ඇඳලා ජනතාවට නීතිය ක්‍රියාත්මක
කරන්න කියලා අණක් දෙන්න පුළුවන්ද? ඒ ජනතාව ඒ අණ පිළිපදියිද?හමුදාවේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට ක්‍රියා කළ යුතුයි. මේවා යුද හමුදාව ගැන දන්නේ නැති අය කරන දේවල්.
ප්රශ්නය – දෙමළ ජාතික සන්ධානය කියලා තිබෙනවා ඔබ සමග සාකචිඡා කරන්න කැමතියි කියලා. ඔබත් එයට එකඟද?
පිළිතුර – ද්‍රවිඩ, මුස්ලිම් ආදී ජනවාර්ගික ප්රශ්නය ගැන කතා කරන සියලු පක්ෂ සමග සාකචිඡා කරලා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න මම කැමතියි.
ප්රශ්නය
– උතුරේ ප්‍රශ්නයට විසඳුම ලෙස දෙමළ ජාතික සන්ධානය ඇතුළු සමහර පාර්ශ්ව
යෝජනා කරනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න කියලා. ඒ ගැන ඔබ මොකද
හිතන්නේ.
පිළිතුර
– 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන වුණත් ජනතාව අතර සැකයක් තියෙනවා. ජනතාව අතර
සංහිඳියාව ගොඩ නගන්නේ නැතුව ව්‍යවස්ථා ගෙන ආවට වැඩක් නැහැ.
ප්රශ්නය
– ඔබතුමා සිරගත කරද්දී ජෙනරාල් පදවිය රජය මගින් අහෝසි කළා. අනෝමා ෆොන්සේකා
මහත්මිය හැමවිටම ඔබතුමාව ජෙනරාල් ලෙස හඳුන්වන්නෙ එය නැවත ලැබුණද?
පිළිතුර – එය මේ රටේ ජනතාව අහෝසි කරලා නැහැ. එය නැවත රජයෙන් ඉල්ලීමට බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
ප්රශ්නය – රජයට එක් වෙන්න කියලා ඔබට ආරාධනාවක් ලැබුණද?
පිළිතුර – නැහැ.
ප්රශ්නය – ‘ගෝඨාස් වෝ’ කෘතිය ගැන ඔබතුමා මොකද කියන්නේ? පිළිතුර – මම ඒ පොත කියවලා නැහැ. කියවපු කෙනෙක් නැගිටලා කියනවද, ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඇයි ඒ පොතට එහෙම නම දාලා තියෙන්නේ කියලා. ලියපු කෙනෙක් හරි කමක් නැහැ. ප්රශ්නය – එල්.ටී.ටී.ඊ. නායකයා මරා දාන්න අණ දීලා තියෙන්නේ කවුද? පිළිතුර – හමුදා කණ්ඩායමකට ප්රභාකරන්ගේ මිනිය ලැබුණා එපමණයි. ප්රශ්නය – යුද්ධයේ අවසන් කාලයේ ඔබතුමා ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා ඔබතුමාට ඒ ගෞරවය ලැබිම අවශ්‍ය නැහැ කියලා සමහරුන් කියනවා. පිළිතුරු – මැයි 11 සිට 17 දක්වා සතියක් විතර පමණයි මම හිටියේ, චීනයේ නිල සංචාරයකට සහභාගි වෙලා. සමහරුන්ට යුද්ධය ඔය සුමානයට සීමා වුණාට මට නම් එය මාවිල්ආරුවෙන් පටන් අරන් අවුරුදු 2 1/2ක් ගිය එකක්. ජය කොඩිය දාන්න බලාගෙන හිටපු අයට ඒ සුමානය තමයි යුද්ධය පැවතුණේ. අපිට නම් ඒ සියලුම කාලය එකයි. ජෙනරාල්ටත් වඩා යුද ශිල්පය දන්න ලේකම් කෙනෙකුට හෝ සක්විති කෙනෙකුට කරන්න තරම් දෙයක් ඒ සතියේ තිබුණේ නැහැ. අන්තිම සතිය ගැන කතා කරන්නේ යුද්ධය ගැන දන්නේ නැති අය. ප්රශ්නය – එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා. සිරෙන් නිදහස් වීමෙන් පසු යුද අපරාධ පරීක්ෂණයකට තුඩු දෙන ප්‍රකාශයක් ඔබ විසින් කළා කියලා. පිළිතුර – මන්ත්‍රී ප්‍රකාශය මම දැක්කේ නැහැ. යුද අපරාධවලට පිළිතුරු දෙනවා කීම එවැනි ප්‍රශ්නයකට ආරාධනා කිරීමක් නෙවෙයි.විශේෂ ආරාධනා අවශ්‍ය නැහැ. බෑන් කි මූන්ට ආරාධනා කරලා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාව හදලා රජය තමයි ඒ සඳහා ආරාධනා කළේ. මේ අවස්ථාවට පාලිත තෙවරප්පෙරුම, ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරු මෙන්ම අනෝමා ෆොන්සේකා මහත්මිය සහභාගි වී සිටියා.








